යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
මේ දරුවා වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වි සිටිබව පෙනෙන දරුවෙක් බවත්, ඛේදනීය සිද්ධියට අදාල ආසන්නම හේතුව දරුවාගේ පියා පියා දරුවාට වීඩියෝ ක්‍රීඩා කිරීම සඳහා ජංගම දුරකතනයක් ලබා නොදීම නිසා ඇතිවූ ගැටුමක් බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව අලවෙඩ්ඩි පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ පෙරියවිලාන් අන්තෝනී පල්ලිය පාරේ පදිංචි මර්වින් ඩයස් සින්ධුජන් නැමති පාසල් ශිෂ්‍යයෙකි.
මියගිය සිසුවා යාපනයේ අලවෙඩ්ඩි අරුණෝදය පාසලේ හත්වන වසරේ ඉගෙණුම ලබන සිසුවෙකි.
ඔහු කාලයක සිට පියාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා ඇත්තේ වීඩියෝ ගේම් සදහා භාවිත කිරීමටය.
පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ සිද්ධියක් මත පාසල් සිසුවා නිවසේ රණ්ඩු කොට එදින කිසිවෙකු නිවසේ නොමැති අවස්ථාවක සියදිවි හානි කරගෙන තිබේ.
අසල්වාසීන් නිවස ඉදිරි පිටින් යන විට සිද්ධිය දැක වහාම ලණුව කපා පාසල් ශිෂ්‍යයා තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන වුටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
අලවෙඩ්ඩි පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
Tags: නවතම
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…