අම්බලන්තොට රිදියගම ගොවිපොළ ආශ්‍රිතව බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
රෝගය වැලඳුණු පුද්ගලයන් දස දෙනකු මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වන අතර ගවයන්, එළුවන්, ඌරන් වැනි සතුන්ගෙන් එම රෝගය මිනිසුන්ට බෝවන අතර සතුන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයන්ට රෝගය වැලඳීමේ වැඩි අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
උණ, හිසරදය, ඇඟපත වේදනාව, වසාගැටිති ඉදිමීම, වමනය, පාචනය ආදී රෝග ලක්ෂණ ඇතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරයි.
මෙම රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට නිසි සනීපාරක්ෂක ක්‍රමවේද භාවිත කළ යුතු අතර සත්ත්ව අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කළ යුතුවේ. එමෙන්ම සතුන්ට රෝගය වැලඳීමට පෙර නිසි පරිදි එන්නත් කිරීම වැදගත් වේ.
සෑම වයස් කාණ්ඩයකම ජනතාවට රෝගය වැලඳිය හැකි බවත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වාගත හැකි බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…