දේශපාලන

ජනපති අපේක්ෂකයෙකුගෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැමිණිල්ලක් !

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවදින ජනාධිපති ධූර අපේක්ෂක පේමසිරි මානගේ විසින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිළිබඳව පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ 17 වැනිදා තමන් පන්නෙගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වු බවත්,එහිදි එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් සාකච්ජාවක නිරතව සිටි බවත් සිය පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා. එම පිරිස වචන කිහිපයක් කතාකර යන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, එය ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා තමන් ඔවුන් හමු වි මද වේලාවක් කතාකර එම ස්ථානයෙන් පිටව ගිය බවත් පැමිණිල්ලේ දක්වා තිබේ. තමන් එම ස්ථානයෙන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණ ඇති හම්බන්තොට මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ තමා පිළිබදව විමසා ඇති බවත්, එම විමසිම තුළ තමා අපරාධකරුවෙකු ලෙස හුවා දක්වමින් තමාගේ කීර්ති නාමයට බලවත් හානියක් සිදුකර ඇති බවත් පවසයි.

මෙවර ජනාධිපතිවරණය සදහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින බැවින් මැතිවරණ නිළධාරීන් පැමිණ එළෙස ප්‍රශ්ණ කිරීම හමුවේ එම අවස්ථාවේ එහි සිටි ජනතාවද භීතියට පත්ව ඇති බවත්, තවත් අයෙකු මේ අයුරින් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීමට මැතිවරණ නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පැමිණිල්ලක් සිදුකළ බව කියන අපේක්ෂකයා දිගින් දිගටම මැතිවරණ ආචාර ධර්ම කඩකිරිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයකට අදාලව ඔහු හමුවට ගිය නමුත් ඔහු හමුවිය නොහැකි වු බවය. සිදුකර ඇති පැමිණිල්ලට අනුව කිසිදු අපහාසයක් හෝ ඔහුගේ මානව හිමිකම් කඩ කිරිමක් සිදු නොවු බවද මැතිවරණ ආරවුල් නිරාකරණය මධ්‍යස්ථානය සදහන් කරයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago