පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා උපුටා දක්වමින් ජනමධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ දැයි සොයාබැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා ලැබුණු පැමිණිල්ලක් මත මූලික විමර්ශනයක් සිදුකර එම තීරණය ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කළ පරීක්ෂක මණ්ඩලය කැඳවා එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රයේ තිබී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ නියම ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න තුනකට ආසන්න සමානත්වයෙන් යුත් ප්‍රශ්න තුනක් පමණක් බවය.
ඒ අනුව එම ප්‍රශ්න තුන ඉවත් කර ඇගැයීම් කිරීමට තීන්දුවක් ගත් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…