ශ්‍රී ලංකා

යාපනය අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමට එරෙහිව විරෝධතා !

යාපනය නාවලර් පාරේ පිහිටි අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බැවින් එම මධ්‍යස්ථානය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස යාපනයේ සංස්කෘතික පදනම යාපනය දිසාපතිවරයා ඇතුලු බලධාරීන්ගෙන් 17 දා ඉල්ලිමක් කොට තිබෙනවා.

එම පදනම ප්‍රකාශ කොට ඇත්තේ රට ජාතිය වෙනුවෙන් උදාර මෙහෙවරක් සිදු කළ අරුමුගනාවලර් උපන් බිමේ මේ සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කොට ඇත්තේ දැඩි හැගීමකින් යුතුව නිසා ඡන්දයක් විමසීම වැනි එකිනෙකා ඇනකොටා ගන්නා පක්ෂ භේදයකින් යුතු ස්ථානයකට අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය යොදා ගැනීම උචිත නොවන බවයි.

සමස්ත ශ්‍රී ලංකාවේම වැසියන් අරුමුගනාවලර් වීරත්වයෙන් අදහන තැනැත්තෙකු නිසා 1972 වසරේදී මුල්ගල තබා ඔහු උපන් බිමේම මෙම සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ උදාර හැගීමකින් බවද යාපනයේ සංස්කෘතික පදනම පෙන්වා දී තිබේ.

2022 වසරේ සිට සංස්කෘතික කටයුතු පිළිබදව වූ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මෙම ස්ථානය දකුණේ සිට යාපනයේ සංචාරය කිරීමට පැමිණෙන පුද්ගලයින්ගේ පවා පුන්‍ය භූමියක් වී ඇතී නිසා එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයක් වෙත රැගෙන යන ලෙස යාපනයේ පදනම සංගමය ඉල්ලා ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago