ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබෙන අතර විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කළේ, මෙම පිපිරීම් හේතුවෙන් 09 දෙනෙකු මියගොස් ඇති බවයි.
පිපිරීම හේතුවෙන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම පිපිරීම්වලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන් වේ.
මාර්ග අසල, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්වලදී මෙන්ම නිවෙස් ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව තිබේ.
මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකර ඇති බව හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…