අද (17) රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිඳු දැනුවත් කිරීමකින් තොරව එම වැඩසටහන ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාල වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට අවස්ථා කිහිපයකදී ප්‍රචාරයට ලක් කළ අතර අරුණ පුවත්පතේ දැන්වීම් ද පළ කොට තිබුණු වපසරියක ඒ පිළිබඳ කිසිඳු ප්‍රතික්ෂේප කිරීමක් නොකට සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය කණ්ඩායම විසින් ඊයේ උදෑසන එම වැඩසටහනට සහභාගී නොවන බවට දැනුම් දී තිබෙනවා.
එය දැනුම් දී ඇත්තේද කිසිදු තර්කානුකූල පදනමකින් තොරවය.
සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයා යැයි සටහන් කර ඇති ඒරානන්ද හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත්තේ 360 වැඩසටහනට සහභාගී නොවන නිසා අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙසයි..
මෙම ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකවරයාව පොළඹවා ඇත්තේ තවත් නාලිකාවක ප්‍රධානියකු විසින් බවත්, අදාළ ප්‍රධානියා විසින් සජිත් ප්‍රේමදාසගේ හිතවතකු මාර්ගයෙන් මෙම ප්‍රතික්ෂේප කරවීම සිදුකොට ඇති බවත් වාර්තාවේ.
මේ වන විට සමගි ජන බලවේගය සහ විපක්ෂ නායකවරයාව මෙහෙයවන්නේ එක්තරා නාලිකාවකින් වන අතර සම්බන්ධතාවයක් ද කිවහොත් සජිත් ප්‍රේමදාස දේශපාලනය ආරම්භ කළ මොහොතේ සිටම වසර විස්සකට අධික කාලයක් ඔහු වෙනුවෙන් පෙනී සිටි සිරස මාධ්‍ය නාලිකාව පවා ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
කෙසේ වෙතත් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අදාළ වැඩසටහනට විපක්ෂ නායකවරයා සහභාගී වන බවට සහතික වී තිබියදීත් අතාර්කික පදනම් විරහිත ලිපියක් මගින් එම ආරාධනය හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් බෙහෙවින්ම කණගාටු වන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…