ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට යන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනූව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර එදිනට අමතර පෞද්ගලික බස් රථ සේවා නොපැවැත්වෙන බවයි පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කරන්නේ.
මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවය.
ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සහ ලබන 21 වන දින මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන අතර හෙට සහ 22 වන දින කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත බවය.
කෙසේවෙතත් අනුරාධපුරය සහ මහව අතර මාර්ගයේ පවතින දෝෂ සහිත තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ධාවනයට එක් නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.
ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් චන්දන ලාල් මහතා සඳහන් කළේ, අදාළ මාර්ගය අලුත්වැඩියා කටයුතු නිම කළ ද එහි සංඥා දෝෂ පවතින බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…