ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව , දරු දෙදෙනා , සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත ” (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කළා.
මෙම පිරිස උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඩුබායි වෙත ගොස් බොහෝ විට අමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසුවා.
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද අද අලුයම 03.05 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගියේ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…