ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්වුණු අතර, දෙවන මනාප ගණනයේ දී සජිත් ප්‍රේමදාස මහතා වැඩි මනාප ප්‍රමාණයක් ලැබූවද, ප්‍රතිශතයක් ලෙස සමස්ත ජන්ද ප්‍රමාණයක් හිමිවූ අපේක්ෂකයා ලෙස අනුර කුමාර මහතා ජයග්‍රහණය කරනු ලැබූහ.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට දෙවන මනාපය ගණන් කිරීම මෙම මැතිවරණයේදී සිදුවිය.
අනුර කුමාර මහතා හෙට (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.
දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.
රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.
පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.
ඒ අනුව නොබෝ වේලාවකින් දෙවැනි මනාප ගණනය කිරීමෙන් අනතුරුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අතර එක් එක් අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින් දැක්වෙයි.
සම්පූර්ණ ජන්ද ප්‍රතිඵල මෙතනින්
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…