නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පවසා තිබුණා.
ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවයි.
අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවත් ඔහු සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…