සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ අනුව, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
අද දිනය සඳහා තරග ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියා.
ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුව තිබුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස්පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියා.
තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය ආරම්භ වූ අතර, දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.
ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළා.
අද දිනයේදී තරගය ක්‍රියාත්මක වුණේ විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයක්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 305ක් රැස්කළ අතර දෙවන ඉනිමට ලකුණු 309ක් රැස්කරගෙන සිටියා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරීය නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු 68ට කඩුලු 5ක් දවාගත් අතර ඔහු සමස්ත තරගයේදී කඩුුලු 9ක් දවාගත්තා.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 83ට නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු තුනක් දවාගත් අතර ඔහු දවාගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 6ක්.
ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1 ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තා.
තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…