රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එකට එකතු වී මෙම මැතිවරණයට මුහුණ දුන්නේ නම් ජයග්‍රහණය ලබන බවට පලවන ප්‍රකාශ අංක ගණිතමය වශයෙන් පමණක් බලා කරන විග්රහයන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ ගැඹුරු දේශපාලනික විග්රහයකට ගියොත් මේ ගොඩනගන තර්කය සත්‍යයක් හෝ යථාර්ථයක් නොවන බවයි.
විපක්ෂ නායකවරයා පැවසුවේ ඉදිරි මහ මැතිවරණය සම්බන්දව ද සමගි ජන සන්ධානය සිය පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ විශේෂ සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මාධ්‍යය ඇමතූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස කීවේ ඊයේ විපක්ෂ පොදු සන්ධානයක් හදන්නට ආරාධනා කරන බව කී රනිල් වික්‍රමසිංහ අද මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේත් නැති බව නිවේදයක් නිකුත් කර ඇති බවය. එවැනි පුද්ගලයෙක් සමග යා හැකි ගමනක් තිබේ දැයි සජිත් ප්‍රේමදාස විමසා සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…