ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.
මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළේය.
ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.
මේ අතර, ඊයේ (24) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දසවන වගන්තියේ විධිවිධාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමට අදාළ මහ මැතිවරණයේ නාම යොජනා භාරගැනීම ඔක්තෝම්බර් මස 04 වනදා සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතය.
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
මහ මැතිවරණයෙන් පත්වන අභිවන 10 වන පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වන දින රැස්වීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…