ශ්‍රී ලංකා

මැතිවරණ කොමිසම ජනපති අපේක්ෂකයන්ගෙන් මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ඉල්ලයි !

ජනාධිපතිවරණයට පෙනී සිටි අපේක්ෂකයන් සියල්ල සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම බාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට බාරදිය යුතු බව අපේක්ෂකයන් 38 දෙනාට දැනුම්දී ඇතැයි ද ඔහු පවසා සිටියා.

මැතිවරණ කොමිසමට එම වාර්තා ලබාදුන් පසුව ඒවා මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙන බවත්, එම වියදම් වාර්තා අසත්‍ය නම් ඕනෑම අයකුට තහවුරු කළ හැකි ලේඛණ සහිතව පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු විසින් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණා.

ඒ අනුව, එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් වන (17,140,354) ඡන්දදායකයන් වෙනුවෙන් එක් අපේක්ෂකයකුට ප්‍රචාරක වියදම් සඳහා වැය කළ හැකි උපරිම සීමාව රුපියල් කෝටි 186 කි.

එම මුදලින් සියයට 60 ක් එනම් රුපියල් කෝටි 112 ක් අපේක්ෂකයාට ප්‍රචාරක වියදම් ලෙස වියදම් කළ හැකි අතර, පිළිගත් දේශපාලන පක්ෂයකට ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි මුදල සියයට 40 කි. එනම් රුපියල් කෝටි 74 කි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago