ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පවත්වයි ද ? – වසර අටක සිට ප්‍රශ්න පත්‍ර මුදලට අලෙවි වීමක් පිළිබඳවත් තොරතුරු එළියට !

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම සතිය ඇතුළත තීරණයක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

එම තීරණය ගැනීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරු වාර්තාවක් හෝ විභාග දෙපාර්තමේන්තුවට මෙතෙක් නොලැබීම සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළ අලව්වේ ගුරුවරයා සැඟවී සිටීම සිද්ධියට අදාළ පරීක්ෂණ ප්‍රමාද වීමයි.

මේ වන විට අනාවරණය වී ඇති පරිදි දැනට අත්අඩංගුවට ගෙන සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂ ඊ.පී.එස්. ප්‍රේමතිලක විසින් ප්‍රශ්න පත්‍ර සකස් කරන මණ්ඩලයට ඉදිරිපත් කළ ප්‍රශ්න 16ම විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර ඇති අතර එම ප්‍රශ්න 16න් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත්තේ ප්‍රශ්න 3ක් පමණයි.

එමෙන්ම විභාගයට පෙර එම ප්‍රශ්න 16ම සාකච්ඡා කර තිබෙන හෙයින් එම ප්‍රශ්න පිට වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් නොවන බව තහවුරු වී තිබෙනවා.

පරීක්ෂණ පවත්වන අංශවලට ගැටලුවක් වී ඇත්තේ සැලසුම් අධ්‍යක්ෂවරයා සකස් කළ ප්‍රශ්න අලව්වේ ගුරුවරයාට ලබා දුන්නේ ද නැතහොත් අලව්වේ ගුරුවරයා සකස් කළ ප්‍රශ්න සැලසුම් අධ්‍යක්ෂවරයා ලබා ගෙන ඒවා ප්‍රශ්න පත්‍ර සකස් කරන මණ්ඩලයට ලබා දුන්නේද යන්නයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද කමිටුව අලව්වේ ගුරුවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ගෙන තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ එම ප්‍රශ්න තමන් සකස් කළ බවට තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කළ හැකි බවයි.

මේ අතර සබරගමුව පළාතේ පාසලක සිට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ මේ වන විට විශ්‍රාම ගොස් සිටින නිලධාරියෙක් සම්බන්ධ වී වසර අටක සිට ප්‍රශ්න පත්‍ර මුදලට අලෙවි කර තිබෙන බවට බුද්ධි අංශ මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago