පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් නවක මන්ත්‍රිවරු අසූපස් දෙනකුට පමණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ වසර පහක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරයකුට රුපියල් හතළිස් පන්දහස බැගින් ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටුපක් හිමිවන අතර ඉහත මන්ත්‍රිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වන්නේ ලබන වසරේ නිලකාලය අවසන් වීමට නියමිත වූ පාර්ලිමේන්තුව කලින්ම විසුරුවා හැරීම නිසාය.
පාර්ලිමේන්තු වාර දෙකක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් පනස් පන් දහසක් පමණ වෙයි.
නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූයේ පසුගිය 2020 වසරේ අගෝස්තු මස 20 වැනිදාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිත වූයේ ලබන වසරේ අගෝස්තු මාසයේදීය.
මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් පනස් හතර දහස් තුන්සිය අසූ පහකි. එම වැටුපට අමතරව පාර්ලිමේන්තුව රැස්වීම් වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක පැමිණීමේ දීමනාව ලෙස රුපියල් දෙදහස් පන්සියයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන්ද රුපියල් දෙදහස් පන්සියයක් හිමි වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…