ශ්‍රී ලංකා

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහය ජනපතිට !

මෙරට වෛද්‍ය විශේෂඥයන් නියෝජනය කරන නිර්පාක්ෂික වෘත්තීය සමිතියක් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට සහය පළ කරමින් සහතික වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා දරණ ප්‍රයත්නයන් සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටය.

ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගේ තේරී පත්වීම පිළිබඳ සුබපැතුම් පිරිනමා ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රගතිශීලී ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා දායක වීමට ඔවුන්ගේ කැපවීම අවධාරණය කර තිබේ.

රටේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සුබවාදී අදහස් පළ කර ඇත.

වෛද්‍ය විශේෂඥයන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීම සඳහා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙරට ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඵලදායී සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ක්‍රියාකාරී හවුල්කරුවකු වීමට එහි ඇති කැමැත්ත ද එම සංවිධානය අවධාරණය කර තිබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago