ශ්‍රී ලංකා

දැන් තෙල් මිල අඩු කරන්න – කංචනගෙන් නව රජයට සිහි කැඳවීමක් !

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර රජයෙන් ඉල්ලා සිටිනවා

“ඔවුන් මැතිවරණ රැස්වීම්වලදී කියා සිටියේ ලීටරයකට 150/- ක් පමණ වන ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතුයි. ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් ​​රු. 100කට පමණ දිය හැකියි” යනුවෙන් ඔහු සඳහන් කලා.

“ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් සකස් කර තිබූ විදුලි මිල සංශෝධනයක් ඔක්තෝම්බර් මාසය සඳහා සැලසුම් කර තිබෙනවා. මෙය ප්‍රමාදයකින් තොරව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ද හිටපු අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පවසා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පල කර සිටියා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago