ශ්‍රී ලංකා

රජයේ වාහන දහස් ගණනක් අතුරුදහන් – වැඩිම වාහන සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ !

රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවත් ඉන් වැඩිම ප්‍රමාණයක් පිළිබඳ අතුරුදහන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණ කරනවා.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ, වාහන අතුරුදන් හෝ අස්ථානගත වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවය.

ජාතික විගණන කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන පිළිබඳව නිසි තොරතුරු නොමැති බවය.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය සිදුකරන බවය..

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවද ඔහු පැවසුවා.

Team CNF

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

45 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago