ශ්‍රී ලංකා

සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට‍යෝ මෙන්න !

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ලකුණුලාභීන් 10 දෙනා අතර පළමු ස්ථානයක්, දෙවැනි ස්ථාන 2ක්, 4 වැනි ස්ථාන 3ක් සහ 7 වැනි ස්ථාන 4ක් පවතිනවා.

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති අතර, කොළඹ මියුසිසස් විද්‍යාලයේ කුළුණි මෙත්සලා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර දෙවැනි ස්ථාන 2 ලබා ගත්තා.

මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයිනේ සිව්වන ස්ථානයට සිසුවියන් තිදෙනෙකු පත්ව තිබෙනවා.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක යන සිසුවියන් සිව්වන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසනවා.

හත්වන ස්ථානයට සිසු සිසුවියන් සිව්දෙනෙකු තේරී පත්ව සිටින අතර නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම එම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

සියලුම විෂයයන් අසමත් ප්‍රතිශතය 2.12%ක්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago