ශ්‍රී ලංකා

කමිඳුගේ 200ට කලින් ඉනිම අත්හිටවූ හේතුව මෙන්න !

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගාවලියේ විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් ගත් තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැහැදිලි කිරීමක් සිදු කළා.

මුල් ඉනිමේ ලකුණු 602කට තරගය අත්හිටුවීමට තීරණය කළ අවස්ථාවේ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබා ගෙන සිටියා.

ඔහු ඒ වන විට ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කිරීම සඳහා වූ ලෝක වාර්තාව වෙත ගමන් කරමින් සිටියා.

දිවා ආහාරයෙන් පැයකට පසු තරගය අත්හිටුවා නවසීලන්ත කණ්ඩායමට අවස්ථාව ලබා දීමට කලින් සැලසුම් කර තිබුණ ද තරගය දිගටම ඇදී ගොස් කුසල් මෙන්ඩිස් ශතකය ලබාගත් පසුව තරගය අත් හිටුවනු ලැබුවා.

නායක ධනංජය ද සිල්වා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා,

කමිඳුගේ 200ට වැඩිය මම බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ 100 ගහනකන් ඉන්න. මොකද එයා සෑහෙන්න කාලයකින් 100ක් ගහලා තිබ්බේ නෑ. එයාගේ 100ට යනකන් ඉදලා, කමිඳුගේ තව රෙකෝඩ් එකක් තිබ්බා ඒකටත් යනකන් ඉදලා තමයි තරගය අත්හිටුවූවේ. ඉතිං මං හිතනවා ඒ වේලාවේ ගන්න පුළුවන් හොඳ තීරණය ඒක තමයි.. පසුතැවෙන්නේ නෑ ඒ තීරණය ගැන.

ඒ අවස්ථාවේ කමිඳු මෙන්ඩිස් වෙනුවට දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජලෝ මැතිව්ස් රැඳී සිටියා නම් එම තීරණයේ වෙනසක් වෙනවා දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට ධනංජය පැවසුවේ, තමන්ගේ තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි.

මම මුලින්ම කණ්ඩායම ගැන තමයි හිතන්නේ. මොකද කමිදුට යන්න පුලුවන් රෙකෝඩ් එකක් තිබ්බා.. ඒකට යනකන් ඉදලා තමයි මම තරගය අත්හිටවූවේ. මම හිතනවා එයාගෙනුත් මට අමනාපකමක් තිබ්බේ නෑ.. ඉතිං මම හිතනවා ඒ වේලාවේ ගත්ත තීරණය හරි කියලා.

මේ ඊට කමිඳු මෙන්ඩිස් දැක්වූ ප්‍රතිචාරයි,

ලන්ච් එකෙන් පස්සෙත් අපේ ප්ලෑන් එක තිබ්බේ පොඩි වෙලාවක් ගහලා දෙනවා කියලා. මං ටීම් එක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරනවා. මම හිතනවා ඒ තීරණය හරි වේලාවේ දී ගත්තේ. මොකද අපි හවස ඇත්තටම විකට් 2ක් ගත්තා. මොකද හැමෝම දන්නවා ගාල්ලේ අන්තිම පැයේ බැට් කරන ටීම් එකට සෑහෙන්න අමාරුයි බැට් කරන්න. ඉතිං මම හිතන්නේ ඒ වේලාවේ ගත්ත තීරණය නිසා තමයි ඊයේ උදෙත් අපිට ඒ කට්ටියව ඕල් අවුට් කර ගන්න පුළුවන් වුණේ ඉක්මනට. මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ.

Team CNF

View Comments

Recent Posts

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න -වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

11 minutes ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 hour ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

2 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

4 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

5 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago