ශ්‍රී ලංකා

ගාලු පාරේ නවතා ඇති වාහනවලට මොකද කරන්නේ? – ජනාධිපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක් !

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල් කර ඇති රජයේ වාහන, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා.

එමෙන් ම ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සියලු වාහන ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා බවත් කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවත් ජනාධිපති කාර්‍යාලය දැනුම්දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබෙන බවයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්‍ය මණ්ඩලය වෙත ලබාදී තිබූ රථ වාහන නොවන බවත් එම වාහන හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලය තුළ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබූ වාහන බවයි ජනාධිපති කාර්යාලය පෙන්වාදෙන්නේ.

එසේම මෙලෙස බාරදෙන ලද වාහනවල සම්පූර්ණ ලැයිස්තුවක් ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago