දේශපාලන

බාර් පර්මිට් ගන්න සුරාබදු නිලධාරීන් මිලියන 20ක අල්ලස් ඉල්ලූ හැටි වසන්ත හෙළි කරයි !

ඇතැම් දූෂිත සුරාබදු නිලධාරීන් පසුගිය සමයේ මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවල රුපියල් මිලියන 20ක් පමණ ඉල්ලා ඇති අතර ඒ පිළිබඳ සාක්ෂි ලෙස බලපත්‍ර නිකුත් කර ඇති තැබෑරුම් සහ එවැනි දූෂිත ගනුදෙනුවල හඬපට පිළිබඳ තොරතුරු ඔවුන් සතුව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

අල්ලස් දීම ප්‍රතික්ෂේප කළ අයට මෙම නිලධාරීන් බලපත්‍ර නිකුත් කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ කියා සිටියේය.

“මෙම දූෂිත ගනුදෙනු නිසා රජයට විශාල පාඩුවක් සිදුවී තිබෙනවා. මෙම සුරාබදු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා,” යනුවෙන් සමරසිංහ පැවසීය.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සති අන්තයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මත්පැන් බෝතල් ව්‍යාජ ආරක්ෂක ස්ටිකර ජාවාරමට සම්බන්ධ ඇතැම් සුරාබදු නිලධාරීන් රට හැර යෑමට උත්සාහ කරන බවයි.

ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන බව ද ඔහු පැවසීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago