හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වන බව සඳහන්.
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා රජය තීරණය කළත් හිටපු ජනාධිපතිවරුන් තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයට පිළියමක් වශයෙන් වෙනත් රාජකාරීවල නිරත වී සිටි නිලධාරීන් සේවයේ අවශ්‍යතාව මත පොලිසියට අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…