ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. මේ වනවිටත් මිසයිල 200ක අධික සංඛ්‍යාවක් ඔවුන් විසින් දියත් කොට තිබෙනවා.
දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් මෙලෙස දැඩි ප්‍රහාර එල්ල වන බවටයි තොරතුරු වාර්තා වෙනවා.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවත් රට පුරා ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමත් සමඟ බෝම්බ ආවරණ අසල රැඳී සිටින ලෙස නිවැසියන්ට නියෝග කළ බවයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළහොත් දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය පූර්ව අනතුරු අඟවා තිබෙනවා.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් ඇඩ්ම් ඩැනියෙල් හගාරි පැවසුවේ රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර තර්ජන හඳුනාගෙන ඒවා වළක්වන බවයි.
ඉරාන මාධ්‍ය රට පුරා ස්ථාන කිහිපයක මිසයිල දියත් කිරීම් පෙන්වන වීඩියෝ දර්ශන පළ කිරීමට පටන්ගෙන ඇති අතර කෙසේවෙතත්, ඉරාන රජය සිදුවන්නේ කුමක්ද යන්න පිළිගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසය.
අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී ඇත.
අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ජලය ළඟ තබා ගන්නා ලෙසද වැඩිදුරටත් දැනුම් දෙයි.
සජීවී දර්ශන
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…