මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව මන්දාරම් නුවර පොලිසිය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස දිව ගිය සැරයන්වරයකු ලිස්සා වැටීමේදී ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී සැකකරුට උණ්ඩයක් වැදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ සැකකරු මන්දාරම් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරස්සන, කැකිරාව, මාතලේ සහ මැණික් ඉන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
සැකකරුවන් නිදන් හැරීම සඳහා පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකුට වෙඩි වැදීම හේතුවෙන් එම ගිනි අවිය භාරව සිටි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…