සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගයේ දී ලකුණු 55ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
නවසීලන්තයේ බ්‍රිස්බේන් නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 159ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 34 රැස්කළේ සුමුදු නිසන්සලායි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 35යි පන්දු දෙකකදී ලකුණු 104කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකිව තිබිණි.
එහිදී චමුදි ප්‍රබෝධා ලකුණු 24ට කඩුලු 4ක් සහ ලිමන්සා තිලකරත්න ලකුණු 31ට කඩුලු 3ක් දවාගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම නවසීලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම සමග තරග තුනකට සහභාගී වීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
නවසීලන්තෙත් බ්‍රිස්බේන් කියලා ටවුන් එකක් තියෙනවද?
මම දැනන් හිටියේ ඒක තියෙන ඕස්ට්‍රේලියාවේ කියලා.