දේශපාලන

ම​හ මැතිවරණයට එක්ව තරග කර ප්‍රබල දේශපාලන බලපෑම් කණ්ඩායමක් හදන්න – ඉන්දීය මහකොමසාරිස්වරයා උතුරේ දෙමළ දේශපාලන නායකයින්ට දන්වයි!

පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා තිබේ.

ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජයන කරන දේශපාලන නායකයින් පිරිසක් ඊයේ (30) සවස කොළඹදී ඉන්දීය මහකොමසාරිස්වරයා මුණගැසුන අවස්ථාවේ දී ය.

දෙමළ දේශපාලන පක්ෂ වෙන්වී කටයුතු නොකළ යුතු බවද හොඳ තීරණයකට පැමිණ එළඹෙන මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවක් විසින් දිනා ගැනීම තමන්ගේ අපේක්ෂාව බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බව සෙල්වම් අඩෙයික්කලනාදන් අද වව්නියාවේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

එසේ වුවහොත් රජය සමග සාකච්ඡා කර දෙමළ ජනතාව වෙනුවෙන් පැමිණ හොඳ තීන්දු ලබා ගත හැකි අවස්ථාවක් උදාවන බව ද ඉන්දීය හමකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත පවසා ඇත.

තවදුරටත් කරුණු දක්වා ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බවය.

උතුරු නැගෙනහිර දෙපාලත කේන්ද්‍රකරගත් සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දෙමළ ජනතාවට ලැබිය යුතු ආකාරයට කටයුතු කිරීම එහි දේශපාලන නියෝජනයේ වගකීම බවද එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත දන්වා තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම්, ටෙලෝ නායක සෙල්වම් අඩික්කලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊපී.ආර්. එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්. මේ අවස්ථාවට සහභාගී වී තිබිණි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago