හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක ජනපති අනුර හමු වී විශේෂ ආයාචනාවක් සිදු කරන බව පසුගියදා දන්වා තිබුණා.
ඒ අනූව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 වසරේදී කොන්දේසි සහිත සමාවක් දුන් තමන්ට පූර්ණ සමාව ලබාදී තම ප්‍රජා අයිතිය නැවත ලබා දෙන ලෙස රන්ජන් රාමනායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරන බව පවසා තිබුණා.
“මගේ ප්‍රජා අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා මම නුදුරේදීම වත්මන් ජනාධිපති දිසානායකට ආයාචනයක් කරනවා. හිටපු ජනාධිපතිතුමා මට සමාව දුන්නා. එහෙත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධා කරමින් මගේ කට වසා තිබෙනවා. මගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් මම නව ජනාධිපතිවරයාට අලුත් ආයාචනයක් කරනවා. කිසිම අපරාධයකට මාව හිරේට යවපු නැති නිසා මට ඒක ලැබෙයි කියලා හිතෙනවා,” යනුවෙන් පහු ප්‍රකාශ කර තිබේ.
2017 අගෝස්තු මාසයේ අරලියගහ මන්දිරයෙන් පිටතදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 අගෝස්තු 25 වැනි දින අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රාමනායක, තමාගේ ප්‍රකාශය අගවිනිසුරුට සහ සමස්ත අධිකරණයට මුළුමනින්ම අවඥාවක් බව පිළිගත්තේය.
රාමනායක සිය දිවුරුම් ප්‍රකාශයෙන් සමස්ත අධිකරණයෙන් ද දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය.
තවද, 2017 අගෝස්තු 21 වැනි දින තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙන් පිටතදී කළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඔහු, නැවත කිසි දිනෙක තම මුළු ජීවිත කාලය තුළම එවැනි දෙයක් නොකරන බවට සහතිකයක් ද ලබා දුන්නේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…