අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළා ගිය සිරකරුවන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු මාවැල්ල වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල පොලිසිය විසින් ඊයේ සවස එම සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තංගල්ල පොලිසිය සඳහන් කලා.
හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිටි මෙම සිරකරුවන් සිව්දෙනා අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ එළිමහන් කටයුතුවල නිරත වෙමින් සිටියදී පසුගිය අඟහරුවාදා පැන ගොස් තිබුණා.
ඒ අනුව අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
අත්අඩංගුවට ගත් සිරකරුවන් සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම සිරකරුවන් අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට භාරදීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…