පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පවසනවා.
අද (03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.
හෙක්ටයාරයකට රුපියල් 25000ක බැගින් ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කළ අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම සහනාධාරය ලබාදීම මැතිවරණය අවසන් වන තෙක් නතර කරනු ලැබුවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව කරුණු දැක්වූ අතර දේශපාලන පක්ෂ කිහිපයක්ද පොහොර සහනාධාරය ලබාදීමට විරෝධයක් නැති බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබූ බවයි.
මැතිවරණ කොමිසමේ එකඟතාවය අනුව අදාළ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වු එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා,
අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා. එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වාර්තා වූ සැනින් අදාළ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමයකට ඉදිරියේදී යනවා.රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවත් ඇති වෙන්නේ නැහැ. රුපියල් 15,000ක් කලින් දීලා මැතිවරණයෙන් පසුව රු 10,000 ලබාදෙන විදියට සකස් කරන්නත් පුළුවන්. රු 25,000 වුණත් ලබාදීමේ ගැටලුවක් මං දකින්නේ නැහැ.මැතිවරණ කොමිසම දැනුම්දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළාට පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩි කිරීම් මැතිවරණයෙන් පසුව දෙන්න කියලා. ඕන තරම් පොහොර තිබෙනවා.මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 8 සඳහා පොහොර ලබාදීමට රජයට රුපියල් බිලියන 20ක වියදමක් යනවා. ගොවියන්ගේ පුද්ගලික ගිණුමට සෘජුවම ඒ මුදල් බැර කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…