කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද (3) පැවැත්වේ.
ශ්‍රී ලංකාව සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනලදි.
එම තරඟය මෙරට වෙලාවෙන් රාත්‍රී 7.30ට sharjah හිදී ආරම්භ වීමට නියමිත ය.
තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවරත් හිමිව ඇත්තේ Star Sports මාධ්‍ය ජාලයටයි.
තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස TV මාධ්‍ය ජාලයට හිමිව ඇති අතර, ඒ අනුව තරගාවලිය TV1 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. තරගාවලිය www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවනවා.
2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් 10 ක් එක්වනවා. දින 18 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 23 ක් ඇතුළත්. ඩුබායි හා සාජා හී දී සියලු තරග පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…