සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමේ සියලුම අවකාශ මගහැරී ඇති බැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සහ තමන් සමග වසර දෙකක් තිස්සේ දේශපාලනය කළ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායම සමග සිලින්ඩරය ලකුණින් සන්ධානගත වීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඊයේ (02) රැස්වුන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ පිළබඳ ගැඹුරින් සාකච්ඡා කර ඇති අතර බොහෝ දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලියා ලකුණින් ගොඩ නගා ගන්නා සන්ධානයක් සමග තරග වැදීම සුදුසු බවය.
එහෙත් එහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ තමන් අවුරුද්දකට වැඩි කාලයක් තමන් විශ්වාස කළ කණ්ඩායමක් සමග වැඩ කළ බවත්, ඔවුන්ගේ අදහස් විමසා ඊට ගරු නොකර වෙනත් ගමනක් යෑම යුක්ති සහගත නොවන බැවින් ඔවුන් සමග ද පක්ෂ ලාංඡනය පිළිබඳ සාකච්ඡාවක් කර මේ දේශපාලන සන්ධානයට ඔවුන්ද එක් කරගත යුතු බවය.
සිලින්ඩරය ලකුණු යම් අවිනිශ්චිතාවයක් ඇති වුවහොත් තරග කිරිම සඳහා අලියා ලකුණ විකල්පයක් ලෙස පවතිනු ඇති බව ද එම ආරංචි මාර්ග පැවසුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…