ශ්‍රී ලංකා

ළමා දිනය දා දෘශ්‍යාබාධිත දරුවන්ට තෑගි ලැබුණු බ්‍රේල් ජලය බෝතල් !

දෘශ්‍යාබාධිත දරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිෂ්පාදිත විශේෂිත බ්‍රේල් ලේබලයක් ඇතුළත් විශේෂිත පානීය ජල බෝතල් හදුන්වා දීමක් පසුගියදා ශ්‍රී ලංකාවේ සැමරූ ලෝක ළමා දින වැඩසටහනක දී සිදු වුණා.

කොළඹ විහාරමහාදේවී සතුටු උයන පරිශ්‍රයේ දී ඉකුත් 01වැනිදා ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති සැමරුම් උත්සවයේ දී රත්මලාන අන්ධ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් එම ජල බෝතල් භාර දීම සිදු වුණා.

කාගිල්ස් කිට්ස් සන්නමය යටතේ නකල්ස් පිරිසිදු පානීය වීදුරු ජලබෝතල් මෙහිදී බෙදා දීම සිදු කරනු ලැබුවා.

මෙම ළමා දින සැමරුමේ විශේෂත්වය වූයේ රත්මලාන අන්ධ විද්‍යාලයේ දරුවන් ප්‍රධාන ආරාධිතයින් වීමය. අන්ධ විද්‍යාලයේ දරුවන් 80දෙනෙකු පමණ එහි විදුහල්පතිතුමිය සමග මේ අවස්ථාවට එක්ව ඔවුන්ගේ දක්‍ෂතාවයන් ඉදිරිපත් කළා.

එසේම අඟහරුවාදා දවස පුරා පැවැති ළමා දින සැමරුම් වැඩසටහන සදහා බස්නාහිර පළාත ආවරණය වන පරිදි පෙර පාසල් 30කට අධික සංඛ්‍යාවක දරුවන් එක්වෙමින් ඔවුන්ගේ නිර්මාණශීලි කලා අංගයන් ඉදිරිපත් කළේය. කාගිල්ස් අනුග්‍රහයෙන් පැවැති මෙම ළමා දින වැඩසටහනේ දී විවිධ තරඟ ඉසව් රැසක් ද පොඩිත්තන් වෙනුවෙන් සංවිධාන කර තිබූ අතර දරුවන්ට දවස පුරා තෑගි දිනාගැනීමට අවස්ථාවන් රැසක් ද පැවැත්වුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago