ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමුන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බැවින් අවදානම් සහිත කණ්ඩායම් මුව ආවරණ පැළඳිය යුතු බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
ශ්වසන අපහසුතා, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, නාසයෙන් සොටු දියර ගැලීම, නාසය අවහිර වීම සහ ඇතැම් අවස්ථාවල වමනය රෝග ලක්‍ෂණ ලෙස ඇතිවිය හැකි බව ද ඔහු ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය A, B, C සහ D ලෙස වර්ග කර ඇති අතර A සහ B වර්ග මානව රෝග සම්බන්ධයෙන් වඩාත් වැදගත් වේ. ඉන්ෆ්ලුවෙන්සා C වෛරස් ප්‍රභේදය සුලභ වන අතර සාමාන්‍යයෙන් මෘදු ශ්වසන ආසාදන ඇතිකරයි.
ඉන්ෆ්ලුවෙන්සා D මෙතෙක් සතුන්ට (ප්‍රධාන වශයෙන් ගවයන්ට) පමණක් ආසාදනය වන බව හඳුනාගෙන ඇත.
කෙසේවෙතත්, ඉන්ෆ්ලුවෙන්සා A සහ B වර්ග දැන් ශ්‍රී ලංකාව තුළ ද දැකිය හැකිය. රෝගයේ මූලික අවස්ථාවේදී, ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිජීවක ඖෂධ සමඟ ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ. ද්විතියික වශයෙන් බැක්ටීරියා ආසාදන වැනි සංකූලතා ඇතිවුවහොත්, ප්‍රතිජීවක ඖෂධ නියම කළ හැකි නමුත් ඒ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණි.
ඉන්ෆ්ලුවෙන්සා, ඇතැම් කණ්ඩායම්වල, විශේෂයෙන් අවුරුදු දෙකහමාරකට අඩු ළමුන්, වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පිරිස්, නිධන්ගත ශ්වසන රෝග ඇති පුද්ගලයින්, ඇදුම, දියවැඩියාව, පිළිකා රෝගීන් සහ ගර්භණීනී කාන්තාවන් තුළ දරුණු විය හැක.
එබැවින්, ඉන්ෆ්ලුවෙන්සාව වේගයෙන් පැතිරීමට පෙර, විශේෂයෙන් පෙර පාසල් සහ පාසල් වයසේ දරුවන් වැනි ඇතැම් කණ්ඩායම් අතර රෝගය පැතිරෙන්නේදැයි ඉක්මණින් හඳුනාගැනීම වැදගත් බව වෛද්‍යවරු පෙන්වාදෙති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…