පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් ගත කළ සුඛෝපභෝගී දිවි පෙවත ජනතාවට දැක ගැනීම සඳහා ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු භාවිත කළ නිල නිවාස ජනතා ප්‍රදර්ශනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී එම නිල නිවාස මහජන ප්‍රදර්ශනය කරනු ඇතැයි බියෙන් ඇතැම් පිරිස් මේ වන විටත් එම නිල නිවාසවල තිබූ සුඛෝපභෝගී බඩු බාහිරාදිය වෙනත් ස්ථානයන්ට ගෙන යෑමේ උත්සාහයක නිරතවී ඇති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසූවේ,
“මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් පාවිච්චි කළ ආකාරය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි, ඒ වෙනුවෙන් තව තවත් ප්‍රදර්ශන පවත්වන්න අපි බලාපොරොත්තු වනවා, ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මේවා ගැටලුවක් වෙන්න පුලුවන්”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…