ශ්‍රී ලංකා

ඉදිරි මැතිවරණයට ඉලංගෙයි තමිළ් අරසු පක්ෂය තනිවම සටනට !

ඉදිරි මැතිවරණයට ඉලංගෙයි තමිළ් අරසු පක්ෂයේ නමින් සහ පක්ෂයේ ලාංජනය යටතේ ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (05) ඉලංගෙයි තමිළ් අරසු පක්ෂයේ නාම යෝජනා කමිටුව රැස්වී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී ඔහු කියා සිටියේ එක් එක් දිස්ත්‍රික්ක සඳහා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිතයි.

එමෙන්ම ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික් වෙනුවෙන් තරග කරන කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බැවින් තවමත් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම අවසන් කර නොමැති බව ඔහු කියා සිටියා.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා සකස් කිරීමේ කමිටුව ද ඊයේ රැස් වූ අතර එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා සිටියේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂ සියල්ල එක්ව නාමයෝජනා භාර දි යුතු බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්ක වෙනුවෙන් දෙමළ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී දෙමළ පක්ෂ සියල්ල එක්ව අදාළ දිස්ත්‍රික්ක දෙක වෙනුවෙන් තරග කිරීම සුදුසු බව ඔහු මෙහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සහ එම පක්ෂයේ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙහිදී කියා සිටියා.

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂ ලාංජනය යටතේ සහ අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් අපගේ සන්ධානයේ සලකුණ වන හක් ගෙඩිය සලකුණෙන් තරග කිරීමට යෝජනා කළ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තීරණය එළැඹෙන 07 වැනිදා දැනුම් දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් කියා සිටියා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago