ශ්‍රී ලංකා

අධිවේගී මාර්ග අවභාවිතා කරමින් කලින් රජයන් කෝටි ගණනක අලාභ සිදු කරලා !

“එස් පාස් ” විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව ගමන් කිරීමෙන් දිනකට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු වී ඇති අතර ඉන් මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි පැවසේ.

අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති , අගමැති , මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථ වලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර විසින් සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතා පැවසීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago