ශ්‍රී ලංකා

මින් ඉදිරියට සුළු පැමිණිලි පැය 48න් විසඳිය යුතුයි – පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක් !

මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තා වුන දිනයේම විභාගය ආරම්භ කර පැය 48ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් පියවර ගත යුතු බවත් එම නියෝගය පැහැර හරින නිලධාරීන් සම්බන්ධව තමන්ව දැනුම්වත් කළ යුතු බවටත් දන්වමින් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගය සහිත නිවේදනයෙන් තවදුරටත් දැක්වෙන්නේ මෙතෙක් පොලිස් ස්ථානවල විභාග නොකර ගොඩගැසී ඇති සහ විභාග කරමින් ඇති විවිධ පැමිණිලි සති දෙකක් තුළ විභාග කර අවසන් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවය.

ඊයේ (05) දින වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ පැමිණිලි සංඛ්‍යාව , විමර්ශන කටයුතු ආරම්භ නොකර තිබූ පැමිණිලි සංඛ්‍යාව, පළමු දින තුනේ විමර්ශන ප්‍රගතිය, පළමු දින හතරේ විමර්ශන ප්‍රගතිය සහ අවසන සතියේ විමරශන ප්‍රගතිය සෑම පළාතකටම අදාලව වගු ගත කර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත විද්‍යුත් තැපෑලෙන් ලැබෙන්නට සැලැස්විය යුතු බව ද එම නියෝගයේ දැක්වෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago