ශ්‍රී ලංකා

වැටුපෙන් උපයාගත නොහැකි ආකාරයේ දැවැන්ත ධනයක් උපයාගෙන ඇති ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් ඇතුළු තවත් 7කගේ දේපළ තහනම් කරයි ?

දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීමට අදාල නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

අදාල පුද්ගලයන් හත් දෙනා, ඔවුන්ගේ වැටුපෙන් උපයාගත නොහැකි ආකාරයේ දැවැන්ත ධනයක් උපයාගෙන ඇති බව පවසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ඒ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව එම පුවත්පත පෙන්වාදෙනවා.

ඔවුන් උපයාගෙන ඇති ධනය, පවුලෙන් හෝ සමීප ඥාතීන්ගෙන් උරුම වුණු බවට මෙම පුද්ගලයන් පැවසූවද, දැනට සිදු කරන තිබෙන විමර්ශනවලට අනුව එය පිළිගත නොහැකි බව කොමිසම පවසයි.

මෙම පුද්ගලයන් හත් දෙනාට අමතරව, වත්කම් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වූ පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙකුට එරෙහිව, අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

කුරුදුවත්තෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් ඇමති රියැදුරෙකු සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම විමර්ශන අරඹා තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිදුවන පරීක්ෂණ මීට අමතරව සිදු වනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago