ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට කාන්තා නිලධාරිනියක් පත් කරීමට යෝජනා වී තිබෙනවා. ඇය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්වුන පළමු කාන්තා නිලධාරිනිය ද වනවා..
මෙම තනතුරට යෝජනා වී ඇත්තේ දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ ඉතිහාසගත වන කාන්තා චරිතයකි. ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් තිදෙනා අතර ඉමේෂා මුතුමාල සිටින්නීය. ඇය ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස සේවයට එක් වන්නේ වර්ෂ 2007වසරේ නොවැම්බර් 03 දා ය. ඇය 2017 වසරේ මාර්තු 23 දා පොලිස්ස අධිකාරීවරියක ලෙස උසස්වීම් ලබන්නීය.
ඇය රුහුණු සරසවියේ විද්‍යාවේදී උපාධි ධාරිනියකි. එමෙන්ම විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදි උපාධිය සම්පූර්ණ කර තිබේ. ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත් කරන්නේ වර්ෂ 2021 ජූනි මාසයේ දී ය.
දෙස් විදෙස් විශේෂ පුහුණු පාඨමාලා රැසක් පූර්ණ කර ඇති ඉමේෂා මුතුමාල වයස 60 සම්පුර්ණකර විශ්‍රාම ගැනීමට නියමිත වන්නේ වර්ෂ 2041 දී ය. මේ අනුව ශ්‍රී ලංකාවේ පොලිස්පති ධූරය කාන්තාවකට විවෘත වන්නේ නම් ඒ දක්වා යන අනාගත ගමනක් ඇය සතුව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…