ශ්‍රී ලංකා

සියලු රාජ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි !

අමාත්‍යාංශ යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් නැවත පත් කරන තෙක් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට අමාත්‍යාංශ ලේකම්වරු අදාළ ආයතනවලට දැනුම් දී තිබෙනවා. ඒ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් අනුව ඊට අදාළ නියෝගයක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් අගමැතිනිය යටතේ ඇති අමාත්‍යාංශවලට යොමු කිරීමෙන් පසුවයි.

ඒ අනුව, සංස්ථා, මණ්ඩල හා අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන අතර ඒවාට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගැනීම් ද තාවකාලිකව නතර වනු ඇත.

ඒ අනුව, අගමැතිනිය යටතේ පවතින අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට, අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ට අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් මෙම නියෝගය දෙනු ලැබ තිබේ.

ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු පැවසුවේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago