ශ්‍රී ලංකා

යළි ඉන්ධන මිල ඉහළ යයි ද?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය තුළ දැනට මෙරට ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවට බොහෝ මත පල වනවා.

කෙසේ වෙතත් මැදපෙරදිග යුධ තත්ත්වයන් හමුවේ මෙරට තෙල් මිල උත්සන්න වීමක් අපේක්ෂා නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අවධාරණය කළා.

මීට පෙර ආනයනය කරනු ලැබූ ඉන්ධන සංචිත ඛනිජ තෙල් සංස්ථාව තුළ පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

“මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍ය දේ තමයි ඉන්ධන මිල වැඩිවෙනවා. ඒක ලංකාවේ ඉන්ධනවලටත් බලපෑමක් වෙනවා. දැනට එහෙම බලපෑමක් වෙලා නැහැ. අපි මේ වනවිට භාවිත කරන්නේ, මීට පෙර ලබාගත් ඉන්ධන. කාලසීමාවක් තුළ පාවිච්චි වෙනවා. අපි සාමාන්‍ය මිල තමා තීරණය කරන්නේ. අපි බලමු යුද තත්ත්වය උත්සන්න වෙලා මිල ඉහළ ගියොත් ඒකට අනුරූපීව තමා ලංකාවේ මිල තීරණය කරන්න වෙන්නේ. දැනට එවැනි තත්ත්වයක් අර්බුදයක් මතුවෙලා නැහැ.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago