ශ්‍රී ලංකා

මෛත්‍රීපාල සිරිසේනට තහනම් නියෝගයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වලක්වමින් හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නඩුව ඒකපාර්ක්ෂිකව විභාග කිරීමට අද (09) නියෝග කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් බෙත්තමගේ යන මහත්වරු විත්තිකරුවන් කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී පැවරු නඩු තුනක් සලකා බැලීමෙන් පසුව මෙම තහනම් නියෝග නිකුත් කළා.

විත්තිකරුවන්ට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ වාරණ නියෝග තහවුරු කරමින් මෙම අතුරු තහනම නිකුත් කෙරුණා.

2024 මාර්තු මස 30 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව රැස්වී ගත් තීරණ අනුව පැමිණිලිකරුවන් විසින් දරන තනතුරු විත්තිකරුවන් වන සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් ට බෙත්තමගේ යන අයට ලබාදීමට ගත් තීරණය නීති විරෝධී හා අත්තනෝමතික බවට තීන්දුවක් ඉල්ලා මෙම නඩු තුන පවරා තිබිණා.

ඊයේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා දයානන්ද හා සචනා පෙරේරා මහත්මීහු අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව ඉදිරියට පවරා පවත්වාගෙන යෑමට විත්තිකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති බව නීතිඥවරියක් අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින් පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය අප්‍රිල් මාසයේදී ලබා දුන් වාරණ නියෝගය සම්බන්ධයෙන් විත්තිකරුවන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් නඩුව ඒක පාක්ෂික විභාගයට දින නියම කළා.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටින අතර විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් නීතිඥ අමිල පෙරේරා,නීතිඥ සංජීව කළු ආරච්චි මහත්වරුන් පෙනී සිටියා.

නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දිනට නියම කෙරුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago