හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අලුත් පක්ෂයකින් මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සූදානම් වන බව වාර්තා වනවා.
මානව හිතවාදී දේශපාලඥයකු හා දක්ෂ කලාකරුවකු මෙන්ම රන්ජන්ගේ මාමා වූ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 79 වැනි ඡන්ම දිනය යෙදී ඇති අද (09) දිනයේදී රාමනායක මහතා මේ බව ප්‍රකාශයට පත්කරනු ඇතැයි පැවසේ.
මීට දින කිහිපයකට පෙර රාමනායකගේ ප්‍රජා අයිතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ලිපි ලේඛන සමඟ ඔහු ජනාධිපති කාර්යාලයට ගොස් තිබිණි.
ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක කියා සිටියේ සිය ප්‍රජා අයිතියට අදාළ ලිපි ලේඛන කිහිපයක් රැගෙන එන ලෙස තමාට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත් තම ප්‍රජා අයිතිය ලබා ගැනීම සම්බන්ධව ජාතික ජන බලවේගය සමග මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද සාකච්ඡා කල බව ඔහු පවසා තිබුණා.
තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන්නේ නම් එන්පීපීයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක එහිදී කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට තවමත් කල් වැඩි බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…