දේශපාලන

හිටපු ජනාධිපතිවරුන්ට තිබූ පහසුකම් සොයා බලන්න කමිටුවක් !

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සපයා තිබූ පහසුකම් පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෝ වෙනත් අමාත්‍යාංශයක් විසින් අනුයුක්ත කර ඇති වාහන සංඛ්‍යාව ද සොයා බැලෙන බවයි වාර්තා වන්නේ.

එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ඇත්නම් වැය වන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇතැයි ද වාර්තා වේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago