කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අශේන් සේනාරත්නට නාම යෝජනා ලබාදීම මැතිවරණ කොමිශන් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමක දී මැතිවරණ කොමිසම විසින් තහවුරු කරන ලද තොරතුරු වලට අනුව නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ, නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මතයි.
කෙසේ නමුත් මෙම නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීමත් සමඟ අශේන් සේනාරත්න සහ මැතිවරණ කොමිසම අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබේ. නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කොට තිබේ.
අශේන් සේනාරත්න ගෑස් සිළින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබුනද, ගෑස් සිළින්ඩරයෙන් ඔහුට නාම යොජනා හිමිව නොතිබූ අතර ඔහු නාම යෝජනා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කොට තිබුනේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…