රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදීම සදහා රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියද ඇය ආපසු හැරී ගොස් තිබෙනවා.
නාම යෝජනා පත්‍රයේ තමන්ගේ නම නොතිබිම හේතුවෙන් ඇය මෙසේ හැරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇය මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටියා.
ඒ වෙනුවෙන් ඇය සමගි ජන සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුව සඳහා ද පසුගිය දා අත්සන් තැබුවා.
රත්නපුර දිස්ත්‍රික්කය සදහා තරග කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ මහතා විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න මහතා වෙත භාර දී තිබෙනවා.
එහෙත් දමිතා අබේරත්න මහත්මියගේ නම නොමැතිව රත්නපුර දිස්ත්‍රික්කය සදහා සමගි ජන බලවේගය අද ( 11) නාමයෝජනා භාර දුන් බවයි වාර්තා වන්නේ.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…