රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීති විරෝධීව රඳවා තබා ඇතිනම්, යම් කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේත් නැතිනම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ඉඩහැර තිබෙන බවට තොරතුරක් දන්නා අයෙක් සිටී නම් 1997 විශේෂ දුරකථන අංකයට එම තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක බවය.
තොරතුරු ලබා දෙන තැනැත්තාගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර තොරතුර සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අත්‍යාවශය නොවන බවද පොලිස් මූලස්ථානය කියයි.
නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබා දිය යුතු බවත් අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහි විනයානුකූලව කටයුතු කරනු ලබන බවටත් පොලිසිය අනතුරු අඟවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…